Posts

Showing posts from October, 2022

මතක ලන්තෑරුම් අඳුර මැද

  මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා දැනුණේ නැතුවට මගේ කඳුළින් කමිස උරහිස තෙමී තිබුණා මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලෙක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා

නිස්සාර සංසාර හීනේ අතීතේ

  නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන්යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ දකිනා වාරයට පවා මගෙ මුළු හිතම ගිනිගනී